නිර්වින්දනය

සාමාන්‍ය නිර්වින්දනය යනු පාලනය කොට ඇති සිහි නොමැති තත්ත්වයකි. සාමාන්‍ය නිර්වින්දනයකදි ඹෟෂධ භාවිතාකර ඔබව නිදි කරවනු( සිහි නැති කරවනු) ඇත., සැත්කම අතරතුරදී ඔබට වේදනාව නොදැනෙන අතර චලනය වීමට ද නොහැක. සැත්කම වන ආකාරය පිළිබඳ දැනීමක් ද නොමැත. සමහර සැත්කම් ක්‍රියාවලිය සඳහා සිහි නැති බව වඩාත් ආරක්ෂිත බවක් හා පහසුවක් ලබාදෙන අතර එවැනි සැත්කම් වලට සාමාන්‍යය නිර්වින්දනය අත්‍යාවශ්‍ය වේ. එය, සාමාන්‍යයෙන් දිගු වේලාවක් ගත වන සැත්කම් වලදි භාවිතා වන අතර, නැතහොත් ඉතා වේදනාකාරී සැත්කම් වලදි භාවිතාකරයි. එහි ක්‍රියාකාරිත්වය නිසැකව පැහැදිලි කර නොමැත, නමුත් සෑම නිර්වින්දනයක්ම ස්නායු සංඥා ගමන් කිරීම බාධා කරන බව පැහැදිලිය. එයින් අදහස් වන්නේ ශරීරයට ලැබෙන ඕනෑම උත්තේජනයක් මොළය විසින් විශ්ලේෂණය හෝ හඳුනා ගැනීම නොකරනබවයි.

සාමාන්‍ය නිර්වින්දනය ලබාදෙන ආකාරය

සැත්කම සිදුකිරීමට පෙර, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු(anesthetist) හමු වී ඔබට වඩාත් ගැලපෙන නිර්වින්දන ක්‍රමය පිළිබඳ සාකච්ඡා කල යුතුය. ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) ඔබගේ රෝග ඉතිහාසය පරික්ෂා කර, පවුලේ කාට හෝ නිර්වින්දනය සම්බන්ධයෙන් ගැටලු ඇති වී ඇත්දැයි අසනු ඇත. ඔවුන් ඔබගේ සාමාන්‍යය සෞඛ්‍යය, ජීවන රටාව පිළිබඳ පහත කරුණුද ඇතුලත්ව විමසනු ඇත:

  • අසාත්මිකතා ඇත්දැයි
  • දුම්පානය හෝ මත්පැන් පානය පිළිබඳව
  • ගනිමින් සිටින වෙනත් ඖෂධ පිළිබඳව

ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයකට ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාට (anaesthetist) පිළිතුරු ලබා දිය හැක. ක්‍රියාවලියේ කුමන ස්ථානයක හෝ ගැටලුවක් ඇත්නම් හෝ ඔබට කිසියම් තැවුලක් ඇත්නම්, ඔවුනට දැනුම් දෙන්න. ඔබට සැත්කමට පෙර ආහාර පාන ගතයුතු ආකාරයද ඇතුලත්ව සැත්කමට පෙර සිටිය යුතු ආකාරය පිළිබඳ පැහැදිලිව උපදෙස් ලබා දියයුතුය. සැත්කමට පෙර හා සැත්කම අතරතුර ඔබව, සැත්කම සිදු කිරීමට මොහොතකට පෙර, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) විසින් සාමාන්‍යය නිර්වින්දනය ලබාදෙන කාමරයට රැගෙන යනු ලැබේ. එය පහත එක් ආකාරයකට ලබාදෙනු ලැබේ:

  • දියර එය කැනියුලාවක් මඟින් ශිරා තුළට ඇතුල් කරනු ලැබේ ( කැනියුලාව - ශිරාවකට/ නහරයකට සම්බන්ධ කර ඇති සිහින් ප්ලාස්ටික් නලයකි. සාමාන්යයෙන් ඔබේ අත්ල‍ෙ පිට පැත්තට සවි කරයි)
  • ගෑස් /වායු එය ආවරණයක් හරහා ආශ්වාස කිරීමට සලස්වයි

මෙම නිර්වින්දනය ඉක්මනින් ප්‍රතිඵල ගෙන දේ. ඔබට සිහි නැති වීම ආරම්භ වීමට මිනිත්තුවකට පමණ පෙර හිස සැහැල්ලු වීමක් දැනීමට පටන් ගනි. ක්‍රියාවලිය පුරාවටම ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) ඔබ අසලින් රැඳි සිටියි. ඔවුන් නිර්වින්දනය අඛණ්ඩව පවත්වා ගැනීමට වග බලා ගන්නා අතර එවිට ඔබ පාලනය කොට ඇති සිහි නොමැති තත්ත්වයක පසු වේ. ඔවුන් ඔබගේ නහර/ශිරා හරහා වේදනා නාශක ඹෟෂධ ලබාදේ. එය ඔබට අවදි වූ විට පහසුවක් ඇතිකිරීමට හේතු වේ. යථා තත්ත්වයට පත් වීම ඔබගේ සැත්කම අවසන් වූ විට නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) නිර්වින්දනය නවත්වන අතර ඔබ ක්‍රමයෙන් අවදි වේ. ඔබ සාමාන්‍යයෙන් වාට්ටු ගත කිරීමට පෙර යථා තත්ත්වයට පත්වන කාමරයේ (recovery room) සිටියි. සැත්කමින් පසු ඔබේ තත්වය මත පදනම්ව, ඔබ සාමාන්‍යයෙන් පැය කිහිපයක් හෝ දින කිහිපයක් රෝහලේ රැඳී සිටීම අවශ්‍යය. සාමාන්‍යය නිර්වින්දනය ඔබගේ මතකයට, ධාරණයට හා ප්‍රතීක ක්‍රියා වලට දින එකක් හෝ දෙකක් ගතවනතුරු බලපෑම් ඇති කළ හැක. ඔබට නිවසට යෑමට අවසර ලැබිණි නම්, වගකිවයුතු වැඩිහිටිය‍ෙකු පැය 24 ක් වත් ඔබ සමඟ රැඳිම වැදගත් වේ. පැය 24 සිට පැය 48 ක් ගතවනතුරු, රිය පැදවීම, මත්පැන් පානය සහ නීතිමය ලේඛන සඳහා අත්සන් කිරීම ආදියෙන් වැළකී සිටින ලෙස ඔබට උපදෙස් දෙනු ඇත.

අතුරු ආබාධ

සාමාන්‍ය නිර්වින්දනයක් සඳහා පොදු සමහර අතුරු ආබාධ ඇත. ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) ඔබ සමඟ සැත්කමට පෙර එය සාකච්ඡා කළ යුතුය. බොහෝ අතුරු ආබාධ සැත්කම සිදු කල වහාම පැවැතියද දිගු කාලයක් පුරා පවතිනු නොලැබේ. සිදු වියහැකි අතුරු ආබාධ වන්නේ:

  • ඔක්කාරය සහ වමනය – මෙය සාමාන්‍යයෙන් නිර්වින්දනය අවසන් වූ වහාම ඇතිවේ. නමුත් සමහර අයට දිනක් දක්වා ඔක්කාරය පැවැතිය හැක
  • වෙව්ලීම හා සීතල ස්වභාවයක් දැනීම – මෙය මිනිත්තු හෝ පැය කිහිපයකින් අවසන් වේ
  • ව්‍යාකූලත්වය හා මතකය අඩුවීම– මෙය මතකය සම්බන්ධ ගැටලු පවතින වැඩිහිටියන් අතර වඩාත් පොදු වන අතර; එය සාමාන්‍යයෙන් තාවකාලික වේ. නමුත් ඉඳහිට දිගු කල් පවත්නා තත්වයක් විය හැක
  • මුත්‍රාශය‍ේ ගැටලු ඇති වීම – ඔබට මුත්‍රා පහ කිරීමේදී අපහසුතාවයක් ඇති විය හැක
  • ක්ලාන්තය/කරකැවිල්ල මෙයට ප්‍රතිකාර කිරීම සඳහා ඔබට තරල වර්ග ලබා දෙනු ඇත
  • තැලීම් සහ තුවාල වීම් – මෙය එන්නත් ලබාදුන් හා කැනියුලාව සවිකල ප්‍රදේශයේ ඇති විය හැකිය.; එය සාමාන්‍යයෙන් ප්‍රතිකාරවලින් තොරව සුව වේ
  • උගුරේ අමාරුව – ඔබේ සැත්කම අතරතුර හුස්ම ගැනීමට උපකාරී වීමට මුඛය තුළට හෝ උගුරින් පහළට නලයක් ඇතුල් කරනු ලැබේ. පසුව මෙය උගුරේ අමාරුව ඇති කිරීමට හේතු විය හැක
  • මුඛයට හෝ දත්වලට හානි වීම – රෝගීන්ගන් ඉතා කුඩා ප්‍රතිශතයකට නලය ඇතුල් කිරීමේදි තොල් හෝ දිව කැපීම් වලට ලක් ව හානි වී තිබිය හැක. සමහරුන්ගේ දත්වලට හානි විය හැක. ඔබ කිසියම් දන්ත කර්මයක් කර ඇත්නම් එ් බව ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාට (anaesthetist)  දැනුම් දෙන්න

සංකූලතා හා අවදානම් තත්ව

කිසියම් සංකූලතා ප්‍රමාණයක් සාමාන්‍යය නිර්වින්දනය සමඟ සම්බන්ධය. නමුත්, මෙය ඉතා දුර්ලභ ය. බරපතල සංකූලතා හා අවදානම් වන්නේ:

  • බරපතල ආසාත්මිකතා නිර්වින්දනය සඳහා ( අධි සංවේදී ප්‍රතික්‍රියා (ඇනෆිලැක්සිස්-anaphylaxis)
  • සැත්කම අතරතුර අවදිවීම – මෙය සිදු නොවීම සහතික කිරීමට දිගින් දිගටම ලබාදෙන නිර්වින්දන ප්‍රමාණය අධීක්ෂණය කරනු ඇත
  • මරණය – මෙය ඉතා දුර්ලභ වන අතර, සෑම 100,000 න්1 කට පමණක් ඇතිවේ.

දරුණු ප්‍රශ්න බොහෝවිට ඇති වන්නේ, බරපතල හෝ හදිසි ශල්‍යකර්මයකට ලක් වූයේ නම් ය, නැතහොත් වෙනත් රෝග, දුම්පානය, අධික තරබාරුව හේතු වේ. ඔබේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (anaesthetist) ඔබ සමඟ සැත්කමට පෙර සංකූලතා හා අවදානම් තත්ව පිළිබඳ සාකච්ඡා කළ යුතුය. සැත්කමට සති කිහිපයකට පෙර ඔබ දුම් පානය නතර කිරීමට හෝ මත්පැන් පානය නතර කිරීමට උත්සාහ කළ යුතුයි. එසේ කිරීමෙන් ඔබගේ අවදානම හා සංකූලතා ඇති වීම අඩු කරනු ලැබේ. ඔබට බර අඩු කිරීමට</0,> උපදෙස් දෙනු ලැබේ, සහ ඔබට හැකි නම් සැත්කමට සතියකට පෙර ඔබේ ක්‍රියාකාරකම් මට්ටම් වැඩි කළ යුතුය. මෙය ඔබගේ අවදානම අඩු කරනු ලබයි. බොහෝ අවස්ථාවල දී, සැත්කම තුළ වේදනා රහිත වීමේ වාසි අවදානම ඉක්මවා යනු ලැබේ.

වෙනත් නිර්වින්දන ක්‍රම

සාමාන්‍යය නිර්වින්දනය මෙන්ම, වෙනත් ක්‍රියාවලි වලදි භාවිතාවන නිර්වින්දන ක්‍රම කිහිපයක් ඇත. ඒවා නම්: